Press "Enter" to skip to content

ඉදිරි සතිය දැඩි අවධානම්..මෙරටින් කොරෝනා තුන්වෙනි රැල්ලක් පැමිණීමේ අනතුරු ඇඟවීමක්

ඉදිරි සතිය තුළ සෞඛ්‍ය අංශ මෙන්ම ජනතාවද වගකීම් විරහිතව කටයුතු කළහොත් කොරෝනා තුන්වෙනි රැල්ලක් පැමිණීමේ අවදානමක් නිර්මාණය වීම කිසිසේත්ම නතර කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ කොරෝනා අවදානම ජනතාවට සන්නිවේදනය කිරීම නිසි ආකාරයෙන් සිදු කළ යුතු බවයි.

චීනය විසින් කොරෝනා පාලනය කිරීමට යොදාගත් උපක්‍රම අනුගමනය කල යුතු බවත් එවැනි උපක්‍රම ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් තරම් අනුගමනය නොකරන බවත් ඔහු කියා සිටියි.

මේ වන විටත් දෙවෙනි රැල්ල පාලනයෙන් ගිලිහී යන තත්ත්වයක් නිර්මාණය වී රටේ තැනින් තැන කොරෝනා පොකුණු මතුවෙමින් පවතින බවද හෙතෙම පෙන්වා දෙයි.

වෛරසය පාලනය කිරීමට අනුගමනය කළ යුතු ප්‍රධාන උපක්‍රම සියල්ල මේ වනවිට ප්‍රශස්ත මට්ටමකට නැති බවත් ඔහු පවසයි.

More from GossipMore posts in Gossip »