Press "Enter" to skip to content

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 438ක්

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 771ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්තානය පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 438ක්, මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 266ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 67ක් දක්වා ඉහල ගොස් තිබේ.

කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ දකුණු පළාතෙන් ඊයේ (24) දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 11 දෙනකු වාර්තා වූ බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 06කි. ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 05දෙනකු සහ බෝපෙ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් ආසාදිතයෙකු ලෙස ඔවුන් වාර්තා වී ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 05දෙනකු අලුතින් වාර්තා වී තිබුණු අතර ඔවුන් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 03ක් අගුණකොලපැළැස්සෙන් හා අම්බලන්තොටින් ඒක් ආසාදිතයෙකු වශයෙන් ඔවුන් වාර්තා වී තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් අලුතින් ආසාදියින් වාර්තා වී නොතිබිණි.

කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට දකුණු පළාතේ ආසාදිතයින් 266 දෙනකු සුවය ලබා නිවෙස් වලට ගොස් සිටින බවයි. ගාල්ලෙන් 167 ක්, මාතරින් 72දෙනක් හා හම්බන්තොටින් 27 දෙනෙක් මෙලෙස සුවය ලබා සිටිති.

More from GossipMore posts in Gossip »