Press "Enter" to skip to content

කළුතර මුළු ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි – ඊයෙත් ආසාදිතයින් 140ක්

කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ගොස් තිබේ.

කොවිඩ් -19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ගතවු පැය 24 තුළ වාර්තා වු නව අසාදිතයින් 140 දෙනාත් සමගින් කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3084 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය.

ඊයේ දිනය තුළ හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 588කි.

ඉන් 18 දෙනෙකු බන්ධනාගාර රැඳවියන් වන අතර සෙසු ආසාදිතයින් 570 දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය.

ඊයේ දිනය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 245කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 66 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 17 දෙනෙකු ද හඳුනාගෙන තිබුණි.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිත සංඛ්‍යාව 39,230ක් දක්වා වැඩි වී තිබේ. ඉන් 30,568 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති අතර 8,478 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

More from GossipMore posts in Gossip »