පොරවකින් හිසට පහරදී බරපතළ තුවාල සිදු කොට තිදරු මවක් ඝාතනය කළ පුද්ගලයෙකු වත්තේගම පොලිසිය විසින් ඊයේ (23) රාත්රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තේගම පොලිස් බලප්රදේශයට අයත් පොල්ගොල්ල, කලගොල්ලගොඩ ප්රදේශයේ පදිංචිව සිටි ප්රියංකා දමයන්ති නැමැති 48 හැවිරිදි තිදරු මවක් මෙලෙස ඝාතනය වී තිබේ.
අදාළ කාන්තාව ඝාතනය කළ සැකකරු ඇයගේ මළසිරුර ඔහුගේ ත්රීරෝද රථයෙන් කිලෝමීටර් 10 ක් පමණ දුරකට රැගෙන ගොස් බාබර්වත්ත නම් ප්රදේශයේ ලඳු කැලෑවක දමා තිබියදී පොලීසිය විසින් අද (24) දින සොයාගෙන තිබුණි.
ඝාතනයට ලක් වූ කාන්තාව ඉකුත් 22වන දින පස්වරුවේ ප්රදේශයේ සමිතියකට සහභාගීවීමට ගොස් තිබූ අවස්ථාවේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අදාළ ප්රදේශයේම පදිංචිකරුවෙකු විසින් ඇයව සිය නිවස වෙත රැගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා විසින් එම කාන්තාවට අතවර කිරීමට උත්සහ ගෙන තිබූ අතර ඊට විරුද්ධවීම හේතුවෙන් ඇයගේ හිසට පොරොවකින් පහරදී ඝාතනය කරතිබූ බව අනාවරණය වී ඇත.
පසුව කාන්තාවගේ මළසිරුර පොහොර මල්ලක බහා ඔහුගේ ත්රීරෝද රථයෙන් එදින රාත්රීයේම බාබර්වත්ත ප්රදේශයට රැගෙන ගොස් ලඳු කැලෑවක සැඟවූ බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිවී තිබේ.
කාන්තාවගේ අතුරුදහන්වීම පිළිබඳව අයගේ (56 හැවිරිදි) සැමියා විසින් පොලීසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී සැකකරු අත්අඩංගුවටගෙන ප්රශ්න කිරීම් සිදුකර ඇත. එහිදී සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගොල්ල කලගොල්ලගොඩ ප්රදේශයම පදිංචි 30 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.






