වැසීයාමේ අනතුරක්ව තිබූ බද්දේගම දිසා රෝහල ‘බද්දේගම අපි’ තරුණ කණ්ඩායම විසින් දින 20කින් ප්‍රතිසංස්කරණය කර ඊයේ 20 වැනිදා රෝහල් කාර්ය මණ්ඩලයට භාර දුන්නේය.
රෝහලේ රසායනාගාරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද අතර බාහිර රෝගී අංශය සඳහා නව වැසිකිළි පද්ධතියක් සකස් කර රෝහල් පරිශ්‍රය නවීකරණය කිරීමද කර තිබිණි.
බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිමුතු නවීන්ද්‍ර ගුරුගේ, තාරක ගුණවර්ධන හා ගිහාන් එස්. ජයසිංහ ප්රමුඛ බද්දේගම අපි කණ්ඩායම විසින් රුපියල් ලක්ෂ 20ක පමණ මූල්‍ය දායකත්වයක් ලබාදෙමින් මෙම ප්‍රතිසංස්කරණය සිදුකර තිබුණි. එහිදී හිතවතුන්, ප්‍රදේශවාසීන් හා රෝහල් කාර්ය මණ්ඩලය විසින් මුදල් හා ද්‍රව්‍ය ආධාර ලබාදී තිබූ අතර මේ සඳහා අතිවිශාල පිරිසකගේ දායකත්වය ලැබී තිබුණි.
මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රනිල් වික්‍රමසේකර සහභාගි විය.






