හුදෙකලා කළ ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ද සහභාගි කර ගනිමින් බොරැල්ලේ සිට සුඛෝපභෝගී බස් රථයක නැගී කතරගම වන්දනාවේ ගොස් ආපසු මත්තලින් හරවා එවූ වන්දනා නඩයේ 49 දෙනාගෙන් සිවුදෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනයවී ඇතැයි හඳුනාගෙන ඇත.
මෙම වන්දනා නඩය සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළ වාර්තා ඊයේ (21) ලැබී තිබූ අතර මෙලෙස කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් සිවුදෙනා බොරැල්ල, ලෙස්ලි රණගල මාවත, සර්පන්ටයින් පාර හා මැගසින් පාර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඔහුගේ ධන පරිත්‍යාගයෙන් සංවිධානය කළ මෙම වන්දනා ගමනට දිනකට රුපියල් පනස් දහසක කුලියට පැමිණි සුඛෝපභෝගී බස් රථයේ රියැදුරු හා කොන්‍ෙදාස්තරගේ ද පී.සී.ආර්. පරික්ෂාවන් ඊයේ දින කෙරිණි.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මීට අදාළ විමර්ශන සිදුකරයි.






