Press "Enter" to skip to content

බස්නාහිර හුදෙකලා කරන්නයි පී.එච්.අයි.ලා ඉල්ලති

එළඹෙන ජනවාරි 1 වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

සෙසු දිස්ත්‍රික්ක සඳහා සංචරණ සීමා පනවන ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් මෙහිදී ඉල්ලා තිබේ.

කොළඹ නගර සභාව ආශ්‍රිත ප්‍රදේශ කොරෝන වයිරසය ව්‍යාප්තවීමේ අධි අවදානම් සහිත පෙදෙස් බව ඔවුහු පෙන්වාදෙති.

නත්තල් දිනය සහ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව සෙසු දිස්ත්‍රික්ක කරා යා හැකි බැවින්, වයිරසය තවදුරටත් පුළුල්ව ව්‍යාප්තවිය හැකි බවට ද ඔවුහු අනතුරු අඟවති.

More from GossipMore posts in Gossip »