Press "Enter" to skip to content

කොරෝනා ආසාදිත 21ක් දැඩිසත්කාර ඒකකවල

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 21 දෙනෙකු මේ වනවිට දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර අංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසුවේ, මෙරට සියලු ම සෞඛ්‍ය සේවකයින් කොරෝනා වසංගතයට එරෙහිව මේවනවිටත් දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටින බවය‍.

අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ තවදුරටත් දිවයින ම ආවරණය වන පරිදි සිදු කෙරෙන බව ද ඔහු පැවසීය.

අත්‍යාවශ්‍ය කටයුතු හැරුණුකොට බස්නාහිර පළාතෙන් පිටව යාම සීමා කරන ලෙස වෛද්‍ය පාලිත කරුණාපේම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

More from GossipMore posts in Gossip »