Press "Enter" to skip to content

ප්‍රධාන බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයන් 23ක් – නිෂ්පාදන රටපුරා බෙදලා

රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පුද්ගලයන් 23කට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබේ. මෙලස සොයාගත් ආසාදිතයන් කර්මාන්ත ශාලාවේ ගබඩා අංශයේ සේවකයින් බව සඳහන් වනවා.

අද (20) දින එම කර්මාන්ත ශාලාව තුල සිදුකරන ලද හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණයට අනුව 50කට අධික පිරිසක් පරික්ෂාවට භාජනය කර ඇති අතර ඉන් සේවකයින් 23න් දෙනෙකුට කෝවිඩ් වෛරසය ශරීරගත වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරනවා.

එම හඳුනාගත් ආසාදිතයන් ප්‍රධාන ගබඩාව තුල සිට රටපුරා යන ලොරිරථ සදහා ඇසුරුම් පෙටිටි තොග වශයෙන්ලබාදෙන අය බවද පැවසෙනවා.

ඉන් කොටසක් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යොමුකිරීමට කටයුතු කර ඇති අතර ඉතිරි ආශ්‍රිතයන් පිරිස ගබඩා සංකීර්ණය තුලම සියලු පහසුකම් සහිතව දින 14 ක නිරෝධායනයකට යොමුකර ඇත.

More from GossipMore posts in Gossip »