Press "Enter" to skip to content

වැඩිහිටි නිවාසයක 45දෙනෙකුට කොවිඩ්

මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

පසුගියදා අදාළ වැඩිහිටි නිවාසයේ පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ හේතුවෙන් එම වැඩිහිටි නිවාසයේ 98දෙනෙකුට පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඒ අතුරින් මෙම පිරිස හඳුනාගත් බව මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »