Press "Enter" to skip to content

අහඹු PCR පරීක්ෂණයකින් පිටකෝට්ටෙන් කොවිඩ් ආසාදිතයන් 50ක් හමුවෙයි

පිටකෝට්ටේ එපිටමුල්ල මෙට්ලික්ස් වත්තේ සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත රෝගීන් 50 දෙනෙකු ඊයේ (18) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් මේ වනවිට මෙට්ලික්ස් වත්තට සංචරණ සීමා පැනවීමට පිටකෝට්ටේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයකින් එක් පුද්ගලයෙකු ආසාදිත බවට හඳුනාගැනීමත් සමග පුද්ගලයින් 140 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළ බව පිටකෝට්ටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී අසිත නාමල් ජයසිංහ මහතා පවසයි.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ දිනයේ ලැබී තිබූ අතර ඉන් 50 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

ආසාදිත බවට හඳුනාගෙන ඇති පිරිස රෝහල් කරා රැගෙනයෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර අනෙක් පිරිස් නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.

More from GossipMore posts in Gossip »