Press "Enter" to skip to content

කොවිඩ් අසාදිත දින 46ක් වයසැති බිලිඳෙකු ජිවිතක්ෂයට

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි දින 46ක් වයසැති බිලිඳෙකු අද මියගොස් තිබෙන බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය පවසනවා.

මෙම බිලිඳාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබු බවත් උත්පත්තියේදීම පෙනහළු ආශ්‍රිතව හටගෙන තිබු නියුමෝතෙරෙක්ස් රෝගයෙන් පෙළෙමින් සිටිය බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ. ඒ අනුව මෙය මෙරටින් වාර්තා වන දෙවන ලාබාලතම කොවිඩ් ආසාදිත මරණය ලෙස සැලකිය හැකි වනවා.

කෙසේ වුවත් මෙම මරණය කොවිඩ් වෛරසයේ සෘජු බලපෑම මත සිදුවූවක් නොවන බව පැවසූ රෝහල් අධ්‍යක්ෂකවරයා බිලිඳා නියුමොතෙරෙක්ස් රෝගයෙන් පිඩා විදීම ඊට හේතුව බව සඳහන් කර සිටියා.

මෙම දින 46ක් වයසැති බිලිඳා කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව තිබෙනවා.

මිට සති දෙකකට පමණ ඉහතදී ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 20ක් වයසැති බිළිදෙකු කොවිඩ් වෛරෙසය ආසාදනය වීම සහ නියුමෝනියා තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්වුවා.

More from GossipMore posts in Gossip »