Press "Enter" to skip to content

බෙහෙත් ගන්න ආ 18 තරුණිය රෝහලේ සේවකයෙක් විසින් දූෂණය කරල…දෙවෙනි දවසෙ අරං යද්දි මාට්ටු වෙයි

රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට තංගල්ල මූලික රෝහලට පෙරේදා (16) පැමිණ ඇති 18 හැවිරිදි තරුණියක් රවටා ලැගුම්හලකට ගෙන ගොස් දූෂණය කළ බව කියන රෝහලක කණිෂ්ඨ සේවකයෙකු පෙරේදා සවස තරුණියක සමඟ තරංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් සේවකයා විසින් තනිවම ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණ සිටි තරුණිය රවටා ඔහුගේ යතුරුපැදියේ නංවාගෙන ලැගුම්හලකට ගෙන ගොස් ඇගේ අකැමැත්ත මත ස්ත්‍රී දූෂණයක් කළ බවට ඇය තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඇයට යළිත් ප්‍රතිකාර ගැනීමට නියමිතව ඇත්තේ අද (18) යි. එහෙත් රෝහල් සේවකයා පෙරේදා තරුණිය රෝහලට ගෙන්වා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තරුණිය ඊට පෙර සිද්ධිය සම්බන්ධයෙන් සියලු විස්තර මවුපියන්ට හෙළි කර තිබීම නිසා මවුපියන්ද ඇය සමඟ පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

රෝහල් සේවකයා එදින ද තරුණිය රවටා යතුරුපැදියේ වංවාගෙන යන විට කල් තියා සුදානමින් සිටි පොලිස් කණ්ඩායම තරුණිය ද සමඟ රෝහල් සේවකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දූෂණයට ලක් වූ බව කියන තරුණිය මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

More from GossipMore posts in Gossip »