මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ඇති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිවයිනේ දිස්ත්‍රීක් 25 තුළ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවා ඇත.
ලබන දෙසැම්බර් 22 වන දා සිට මෙම ගැසට් නිවේදනය බලාත්මක වේ.
මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.






