Press "Enter" to skip to content

නෙදර්ලන්ත හිමි මිය යන්න පැය 3කට කලින් පිණ්ඩපාතෙ වැඩලා

පොල්ගස්දූව දූපතේ සිට ඔරුවෙන් පැමිණි හිමිනම ඇල්පිටිය පාරේ හෙන්නතොට ප්‍රදේශයේ නිවාස පහළොවකට පමණ පිණ්ඩපාතයේ ගොස් ඇති බව මේ වන විට හෙළි වී තිබේ.

එම නිවාස පහළොවට අයත් නිවැසියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර එම නිවැසියන් ලබාදුන් ආහාර පාන සියල්ල උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයට රැගෙන ගොස් කුටියේ තබා ඇති බවද විමර්ශනවලදී හෙලිවී ඇත.

මෙලෙස පසුගිය 7 වැනිදා උදෑසන 7.30ට පමණ උන්වහන්සේ පිණ්ඩපාතය රැගෙන උදෑසන 8.00 වන විට කුටියට පැමිණ ඇත. ඉන්පසුව උන්වහන්සේ පැමිණි ඔරුව පරප්පදූව දූපත දෙසට පාවෙමින් තිබී ඇත්තේ එදින (7 වැනිදා) උදෑසන 10.00ත් 10.30ත් අතර බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබේ.

මෙම මරණය උදෑසන අටත් දහයත් අතර සිදුවී ඇතැයි විමර්ශන කණ්ඩායම් සැක පහළ කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ලමාහේවා යටතේ මෙම විමර්ශන පැවැත්වේ.

More from GossipMore posts in Gossip »