Press "Enter" to skip to content

නාවල මාර්ගයක් අසල කාන්තා මළ සිරුරක්

නාවල සේනානායක මාවතේ ඇදවැටී තිබූ කාන්තා මළසිරුරක් හමුව තිබේ.

වැලිකඩ පොලිසියට ලද තොරතුරකට අනුව මෙම කාන්තා මළසිරුර සොයාගෙන තිබේ.

මියගොස් ඇති කාන්තාව නාවල රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් බවට තොරතුරු වාර්තා වේ.

සිය පුතුගේ නිවසට ගොස් පැමිණෙමින් සිටියදී මෙම කාන්තාව මියගොස් ඇති බව ඥාතීන් ප්‍රකාශ කරයි.

මියගොස් ඇති කාන්තාව හදවත් සැත්කමක් සිදුකර ඇති කාන්තාවක් බව තොරතුරු අනාවරණ වී ඇත.

More from GossipMore posts in Gossip »