දාහතර හැවිරිදි බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඇයගේ පියා ද පියාගේ මිතුරකු ද එම අපරාධයන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දැරියගේ මව ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එම අවස්ථාවේ පියා සහ මිතුරා 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමටත් දැරිය තාවකාලිකව ඇයගේ ලොකු අම්මාට භාර දීමටත් ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජීවනී පතිරණ මහත්මිය 15 වැනිදා නියෝග කළාය.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 35 හැවිරිදි පියා සහ 25 හැවිරිදි ඔහුගේ මිතුරා වන අතර ඇප මත මුදා හරිනු ලැබුවේ 32 හැවිරිදි මවයි.මෙම අපරාධයන් දෙකට ම ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මව ද අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කියයි.
අක්මීමන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුරංග මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා නිශාන්ති, උප පොලිස් පරීක්ෂක රෝහණ, සැරයන් ලක්ෂ්මන් (31084) යන මහත්ම මහත්මීහු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.






