Press "Enter" to skip to content

ස්ත්‍රී දුෂකයින් ලිංගිකව අඩපණ කිරීමට යෝජනාවක්

ස්ත්‍රී දූෂකයින්ට එරෙහි නඩු මාස 4ක් තුළ ඇසිය හැකි වන පරිදි “විශේෂ අධිකරණ” ස්ථාපිත කිරීමට නව නීති ගෙන ඒමට පාකිස්තානය කටයුතු කර තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ තම මෝටර් රථයේ ඉන්ධන නිමවීම හේතුවෙන් අතරමං වූ කාන්තාවක් සමුහ දූෂණයට ලක් කර තිබීම නිසා ඇති වූ මහජන විරෝධය නිසාය.

නව නීති ගෙන ඒමට ජනාධිපතිවරයා විසින් නියෝගයක් නිකුත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. එසේම යම් පැමිණිල්ලක් ඉදිරිපත් කර පැය 6ක් ඇතුළත වෛද්‍ය පරීක්ෂණ සිදුකළ හැකි ස්ථාන පිහිටුවීමට ද නියෝග කර තිබෙනවා.

ස්ත්‍රී දූෂකයින්ගේ නම් ඇතුළත් කර “ජාතික ලැයිස්තුවක්” ඇති කිරීමට ද ඉන් උපදෙස් දී ඇති බව සඳහන්.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පාකිස්තාන ජනාධිපති අරීෆ් ඇල්වි පැවසුවේ, “මෙම ආඥා පනත මගින් කාන්තාවන්ව සහ ළමුන්ව ලිංගික අතවරයන්ට ලක්කිරීමේ සිද්ධි සම්බන්ධ නඩු ඇසීම වේගවත් වනු ඇති. ඒ සඳහා රට පුරා විශේෂ අධිකරණ පිහිටුවීම ඔස්සේ සැකකරුවන්ට එරෙහිව නඩු ඇසීම වේගවත් කිරීම සිදු කෙරේ,” යනුවෙනි.

ස්ත්‍රී දූෂකයින්ව සහ කුඩා ළමයින්ව ඝාතනය කර වැරදිකරුවන් වූ අයව ප්‍රසිද්ධියේ එල්ලා මර දැමිය යුතු බවට සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යෝජනා කරති.

නමුත් එමගින් පාකිස්තානයට යුරෝපා සංගමයෙන් ලබාදී ඇති GSP සහනය අහිමි වෙතැයි අගමැති ඉම්රාන් ඛාන් පවසනවා. ඒ වෙනුවට එවැනි චූදිතයින් ව රසායනික ද්‍රව්‍යයක් මගින් ලිංගික බෙලෙහීන තත්ත්වයට පත්කිරීම ට තමා යෝජනා කරන බව ඉම්රාන් ඛාන් සඳහන් කලා.

More from GossipMore posts in Gossip »