Press "Enter" to skip to content

මංගල උත්සවයෙදී මත්පැන් මදි වූ මිතුරන් එකතු වී මනාලයාට පිහියෙන් අනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලිග්‍රා ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී මිතුරන් පිරිසක් විසින් මනාලයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඒ අදාළ මංගල උත්සවයට පැමිණි පිරිසට ලබාදුන් මත්පැන් ප්‍රමාණයෙන් සෑහීමකට පත්වීමට මිතුරන්ට නොහැකිවීම හේතුවෙන්.

ඔවුන් තවත් මත්පැන් ඉල්ලා ඇති අතර එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් මත මෙම ඝාතනය සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

පසුගිය සඳුදා රාත්‍රී මෙම මංගල උත්සවය පවත්වා ඇති අතර මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙක්.

ඔහු සිය විවාහ මංගල්‍ය වෙනුවෙන් මිතුරන් වෙනුවෙන් සාදයක් සිය උපන් ගමේදී සංවිධාන කර තිබුණා.

එහිදී ලබාදුන් මත්පැන් මදිවී මිතුරන් තවත් මත්පැන් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදී එය සපයාදීමට හැකියාවක් නොමැති බව මනමාලයා ප්‍රකාශකර ඇතැයි සඳහන්.

අනතුරුව සිදුවූ බහින්බස් වීමකින් මිතුරන් මනමාලයාට පිහියකින් පහරදී ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙම ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවත් සැකකරුවන් 4 දෙනෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා ඉන්දීය ආරක්ෂක අංශ විමර්ශණ සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

More from GossipMore posts in Gossip »