Press "Enter" to skip to content

කොරෝනා පැණියට WHO අනුමැතිය දීලා – හිටපු ආයුර්වේද කොමසාරිස්

කොරෝනා මර්ධනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධ වට්ටෝරුව තමන් මීට පෙරද දැන සිටි බව බස්නාහිර හිටපු ආයුර්වේද කොමසාරිස් සහ රජයේ වෛද්‍ය රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කළේ යූටියුබ් නාලිකාවක් සමගින් පැවති සාකච්චාවකට එක්වෙමිනි.

වසර දෙදහසකට වඩා පැරණි ඖෂධ සංයෝගයන් සායනික පරික්ෂා කින් තොරව අනුමැතිය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෙන ඇති තීරණය මත එම සංයෝගයටද අනුමැතිය ලැබී ඇති බව ඒ මහතා සඳහන් කරයි.

නමුත් ආයුර්වේද වෙදකම තුළ මීපැණි රත් කිරීම තුළින් ගුණය අඩු වන බවට මතයක් ඇතැයිද ඔහු සඳහන් කළේය.ගුණය අඩු වැඩිවීම විෂ වීමක් ලෙස පෙන්වීමට ව්‍යාපාරිකයන් වීමෙන් පසු වෛද්‍යවරුන් බවට පත් වූ ඇතැමුන් උත්සාහ කිරීම හෙළා දකින බව ඔහු පැවසීය.

රත්කිරීමේදී මී පැණි විෂ වන්නේ යයි සිදු කරන ප්‍රකාශ අසත්‍ය යැයි ද හිටපු ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ.

srilankamirror.com

More from GossipMore posts in Gossip »