වවුනියාව නගරයේ ප්‍රධාන පාසලක 15 හැවිරිදි පාසල් සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද (15) උදෑසන සිට වවුනියාවේ ප්‍රධාන පාසල් 4ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
මෙසේ වසා දැමූ පාසල් වන්නේ, ලංකා කතෝලික දෙමළ මිශ්‍ර විද්‍යාලය, වවුනියාව දෙමළ මහා විද්‍යාලය, ගාමිණී මහා විද්‍යාලය සහ රම්බකුලම කාන්තා විද්‍යාලයයි.
මේ වන විට එම සිසුවියගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටී.
තවද ඇය වාසය කළ වවුනියාව කට්කුලි, පළමු වන හරස් වීදිය ප්‍රදේශයට මේ වන විට සංචරණ සීමා පනවා ඇති බව ද වාර්තා වේ.






