Press "Enter" to skip to content

කොරෝනා වැළඳුණු ග්‍රාම නිළධාරිනිය රෝහලින් පැන රැස්වීමකටත් ගිහින්

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් 55ක ග්‍රාම නිලධාරින් හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගිය 7 වැනිදා පැවැති රැස්වීමකට සහභාගි වූ ග්‍රාම නිලධාරිනියකට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි අම්බලන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය යූ.පී. මාලක මණ්හතා පැවසිය.

කොරෝනා වයිරසය වැළඳී ඇති ග්‍රාම නිලධාරිනිය පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර එහි ප්‍රතිඵල එනතෙක් රෝහල්ගත කර සිටිය ද අම්බලන්තොට රෝහලේ අවසරයකින් තොරව රෝහලින් බැහැරව නිවසට පැමිණ සිටි අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිසිය එක්ව ඇය ඉකුත් 9 වැනිදා යළිත් රෝහල්ගත කර ඇති බවත් ඔහු කීවේය.

More from GossipMore posts in Gossip »