Press "Enter" to skip to content

නිරෝධායනයේ සිටි අයෙක් මිය යයි

ස්වයං නිරෝධනයට යොමු කර සිටි සිව්දරු පියෙකු සිරුර පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් ලබගැනිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරන ලෙසට බගවන්තලාව හදිසි මරණ පරික්ෂක වර්දන් ධනලෙච්චුම් මහත්මිය (14) දින රාත්‍රියේ බගවන්තලාව පොලිසියට නියෝග කලහ.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් මොරා තේ වත්තේ පහල කොටස් පදිංචි කරුපයියා මුගන් නැමති 86 හැවිරිදි සිව්දරු පියෙකි.

ජිවිතක්ෂයට පත් සිව්දරු පියාගේ මුණුබුරා ජාඇල සිදුව ප්‍රදේශයේ සිට ඉකුත් (10) දින තම නිවසට පැමිණිමෙන් පසු බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් මරණකරු ඇතුළු එම පවුලේ දස දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර සිටියදි සිව්දරු පියා (14) දින ජිවිතක්ෂයට පත් වි ඇත.

මියගිය සිව්දරු පියාගේ සිරුර දික්ඔය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර,පි.සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබිමෙන් පසු සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යයවරිය විසින් සිදු කිරිමට නියමිතය.

මරණය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »