Press "Enter" to skip to content

ස්ත්‍රී දූෂණ, ළමා අපචාර කළ අපරාධ කරුවන්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට පියවර

ස්ත්‍රී දූෂණ, ළමා අපචාර සහ මංකොල්ලකෑම් කරන සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධව පොලිසියට උපදෙස් දුන් බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර පෙරේදා (12 වැනිදා) ප්‍රකාශ කළේය.

රටේ සිදුවන අපරාධ පාලනය කිරීම සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස මෙම පියවර ගන්නා බව කී ඇමැතිවරයා සමාජය ඉදිරියේ අපරාධකරුවන් ලැජ්ජාවට පත්කර බියක් ඇති කිරීම මෙමගින් සිදුවන බවද පැවසුවේය.

ඒ අනුව පසුගියදා වේවැල්දෙණියේදී අමානුෂික ලෙස තරුණයකුට පොලුවලින් ප්‍රහාර එල්ල කළ සැකකරුවන් තිදෙනෙකුගේ ඡායාරූප නිට්ටඹුව පොලිසිය මගින් මාධ්‍යයට මුදාහැර තිබිණි.

මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හසිත රංජිත්, පුබුදු මධුෂංක, ඉන්දික සංජීව යන සැකකරුවන්ගේ ඡායාරූප පහරදීමට උපයෝගී කරගත් ආයුධ සමගින් මාධ්‍ය වෙත නිකුත් කිරීමට පොලිසිය ඒ අනුව පියවර ගෙන තිබිණි.

More from GossipMore posts in Gossip »