Press "Enter" to skip to content

සුවය ලැබූ කොවිඩ් රෝගීන් 4දෙනා යනවිට රෝහලේ වෛද්‍ය උපකරණත් සොරා කයි

වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගෙන සුවය ලැබූ රොගීන් සිව් දෙනෙකු වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

“වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ මෙම කොවිඩ් රෝගීන් සිව්දෙනා පසුගිය 12 වනදා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නිදහස් කිරීමට නියමිතව තිබුණා. නමුත් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා පවසා තිබුණා, මෙම රෝගීන් හතරදෙනා විසින් එම මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ වෙනත් ආකාරයේ උපකරණ තොගයක් සොරකම් කරඇති බව. එම සොරකමට අදාළව අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැණුනා. පසුව ඔවුන්ව වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙම පුද්ගලයින්ගෙන් තිදෙනෙකු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.” යනුවෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

More from GossipMore posts in Gossip »