දඹුලුගම සහ මාමඩල දකුණ යන වසම්භාර ග්‍රාම නිලධාරීවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.
දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ දෛනිකව අහඹු පීසීආර් පරීක්ෂණ 200 ක් පමණ සිදුකෙරෙන අතර ඉකුත් දෙසැම්බර් 10 වනදා සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණ 200 ක් අතරින් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.
ඒ අතරට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසල් 03 ක සේවකයින් තිදෙනෙකු සහ දඹුලුගම වසමේ ග්‍රාම නිලධාරීවරයාද අයත් බව ප්‍රදේශයභාර සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ග්‍රාම නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් පළමු අවස්ථාව මෙයයි.
අදාළ නිලධාරියා අහඹු පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත්ව තිබුණේ ස්වේච්ඡාවෙන්මයි.
කෙසේ වෙතත් ඔහුට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව නිශ්චිත කරුණු අනාවරණ වී නැහැ.
මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අදාළ ග්‍රාම නිලධාරියා ආසාදිත බවට වාර්තාව ලැබෙන විටත් සිට තිබුණේ මහනුවර සිය නිවසේය.
දඹුල්ල ප්‍රදේශයේ විශාල පිරිසක් ඔහු ඇසුරු කර ඇති බැවින් ආශ්‍රිතයින් හඳුනාගැනීම තරමක් අසීරු වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
මේ අතර, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මාමඩල දකුණ වසම භාර ග්‍රාම නිලධාරිනියටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.
ඒ, රෝග ලක්ෂණ හේතුවෙන් ඇය ඉකුත් 07 වැනිදා පස්වරුවේ අම්බලන්තොට රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ සිදුකළ පීසීආර් පරීක්ෂණයේදීය.
අවිස්සාවේල්ල හා කළුඅග්ගල ප්‍රදේශවල සිට පසුගියදා ඇයගේ නිවසට ඥාති සොයුරියන් දෙදෙනෙකු පැමිණ තිබූ අතර ඇයට රෝග ලක්ෂණ පහළ වී තිබුණේ එම දිනයන් ආශ්‍රිතව බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ඇය ඉකුත් 07 වනදා පෙරවරුවේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීම් කිහිපයක් සඳහා සහභාගි වී ඇති බව අනාවරණ විය.
Published in Uncategorized