Press "Enter" to skip to content

නත්තලට රට වහන්නේ නැහැ

එළැඹෙන නත්තල වෙනුවෙන් රට වැසීමට දැනට කිසිම සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

කෙසේ වුවද කොවිඩ් යනු වයිරසයක් බැවින් ඉදිරි දින කිහිපයේ ජනතාව හැසිරෙන ආකාරය අනුව කොවිඩ් පොකුරු මතුවුවහොත් හැරෙන්නට කිසිදු ප්‍රදේශයක් වැසීමේ බලාපොරොත්තුවක් නැති බවද හෙතම සඳහන් කළේය.

ඉදිරි දින කිහිපයේදීත් හුදෙකලා කර ඇති ප්‍රදේශ හා මහල් නිවාසවලින් මුදාහැරීමට හැකි තැන් පමණක් මුදාහරින බවද හෙතම පෙන්වා දුන්නේය.

මහල් නිවාස හයක් පෙරේදා (12 වැනිදා) දිනයේදී හුදෙකලා බවින් ඉවත් කළ බවත්, ඊයේ (13 වැනිදා) දිනයේත් මහල් නිවාස දෙකක් හුදෙකලා බවින් මුදාහැරීමට කටයුතු යොදා තිබූ බවත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »