Press "Enter" to skip to content

චොකා මල්ලී, දුමින්ද සහ සම්පත් වැලිකඩ රෝහලේ වෙනම තැනක

කොවිඩ් වෛරස ආසාදිත රැඳවියන් වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කිරීමත් සමඟ එම රෝහලේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී), හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ යන තිදෙනා රෝහලේ විශේෂිත ස්ථානයක රඳවා සිටින බව වාර්තා වේ.

මොවුන් මෙසේ රඳවා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් හා රජයේ නිලධාරීන් වැනි පුද්ගලයන් රැඳවීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ ඇති ස්ථානයක් බවද වාර්තා වේ.

2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට හානි කර, පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මරණ දඬුවම නියම කර තිබේ.

දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා අවුරුදු 05කට ආසන්න කාලයක් සිර දඬුවම් විඳිමින් සිටී.

සම්පත්, කුරාම් ෂයික් නම් බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ වරදට විසිවසරක සිරඳඬුවමක් විඳිමින් සිටී.

උපුටා ගැනීම srilankamirror.com