Press "Enter" to skip to content

වැල්ලවත්තේ මයුර පෙදෙස ඇතුළු ප්‍රදේශ කිහිපයක් හෙට සිට ලොක්ඩවුන්

කොළඹ නගරයේ හුදෙකලා කොට තිබු මහල් නිවාස 04ක් හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරෙන මහල් නිවාස පහත දැක්වේ :

සිරිසඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සිරිමුතු උයන, ලක්හිරු සෙවණ සහ සිරිසර උයන.

ගම්පහ දිස්ත්‍රික්කය :

වත්තල පොලිස් වසමේ :-

කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසම, හේකිත්ත ග්‍රාම නිලධාරි වසම, කුරුඳුහේන ග්‍රාම නිලධාරි වසම, ඇවරිවත්ත ග්‍රාම නිලධාරී වසම, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසම.

පෑලියගොඩ පොලිස් බලප්‍රදේශය :-

පට්ටිය උතුර ග්‍රාම නිලධාරි වසම.

මේ අතර හෙට උදෑසන 5.00 සිට පහත සඳහන් ප්‍රදේශ අළුතින් හුදෙකලා කරන ප්‍රදේශ පහතින් දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කය :-

වැල්ලවත්ත පොලිස් බලප්‍රදේශයේ මයුර පෙදෙස.

වත්තල පොලිස් බල ප්‍රදේශය :-

කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසමේ නයිදුව ප්‍රදේශය.

වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසමේ දුවේ වත්ත ප්‍රදේශය.

පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය:-

පට්ටියමුල්ල ග්‍රාම නිලධාරි වසමේ රෝහණ විහාර මාවත.

කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශය:-

හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද ප්‍රදේශය.

නිට්ටඹුව පොලිස් වසම:-

තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් වල වාරණ පන්සල පාර, කන්තොට පාර සහ හිද්‍රා මාවත.

කළුතර දිස්ත්‍රික්කය :-

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වේගන්ගල්ල නැගෙනගිර සහ වේගන්ගල්ල බටහිර ග්‍රාම නිලධාරි වසම් සහ කුඩා හීනටියන්ගල ග්‍රාම නිලධාරි වසමේ මරික්කාර් විදිය

More from GossipMore posts in Gossip »