විවාහ ගිවිස ගැනීමේ උත්සවයක මනාලයාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රක්වාන උක්වත්ත ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇතැයි වාර්තා වනවා.
එම අවස්ථාවට සහභාගී වූ නිවාස 10ක පිරිසක් හා තවත් 45 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.
ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදු කිරීමෙන් පසු සංචරණ සීමා ඉවත් කිරිම ගැන සලකා බලන බවයි.






