නඩත්තු ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතවී සිට නැවත පැමිණි පුද්ගලයකු තම බිරියට පිහි දෙකකින් 13 වතාවක් ඇන පලාගොස් ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ මඩකලපුව පුදුකුඩිඉරුප්පුව ප්රදේශයේ කාන්තාවකි. තුවාලකාරිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.
පසුගි 8 වැනිදා උදෑසන වූ සිද්ධියෙන් අනතුරුව පලාගිය සැමියා ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දරුවන් දෙදෙනකුගේ මවක් වන එම කාන්තාව හා සැමියා අතර ඇතිවූ ආරාවුල් හේතුවෙන් වෙන්ව සිටින බිරියට සහ දරුවන්ට නඩත්තු ගාස්තු ගෙවන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.






