කොරෝනා රෝගය නිසා මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදාන කිරීමේ ප්‍රශ්නයට විසඳුමක් ලැබී ඇතැයි වාර්තා වේ.
ඒ මෙරට කොරෝනා රෝගයෙන් මියයන තැනැත්තන්ගේ දේහයන් භූමදාන කිරීමට තම රජය සූදානම් බව මාලදිවයින් ආණ්ඩුව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම්දීමත් සමඟය.
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානයට රජය මේ දක්වා අවසර ලබාදී නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය බරපතල විරෝධයක් ප්‍රකාශ කළේය.
මේ ගැටුම හේතුවෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට එල්ල වූ බලපෑම් හේතුවෙන් ඔහු අදාළ ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වූ බවද පැවසේ.
මේ අතර, මුස්ලිම් ජනතාව බහුල ප්‍රදේශවල සිටින පුද්ගලයන් පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලුව තවත් ව්‍යාකූල විය.
ඒ නිසා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුවූ අදහස් හුවමාරුවකින් පසුව මුස්ලිම්වරුනගේ දේහයන් භූමදානයට මාලදිවයින කැමැත්ත පල කර ඇති බව පැවසේ.යුරෝපා සංගමය හා ජගත් මානව හිමිකම් කොමිසමද මුස්ලිම් ජනයාගේ මරණ භූමදාන ගැටලුව ගැන රජයෙන් ප්‍රශ්න කර තිබිණි.
මූලාශ්‍රය – දේශය






