Press "Enter" to skip to content

මියගිය ව්‍යාපාරිකයාගේ දේපළ වලට බිරියන් හතර දෙනෙක් පොරයක

නාඋල ප්‍රාදේශීය සභාවට අයත් නාඋල නගරයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක කලක් තිස්සේ රැදී සිටි පුද්ගලයකු මිය යෑමත් සමග එහි අයිතිය ඉල්ලා බිරින්දෑවරුන් කිහිප දෙනකු අයිතිය ඉල්ලීම හේතුවෙන් ගැටලුකාරි තත්වයක්උද්ගතව ඇතැයි නාඋල ප්‍රාදේශීය සභාව කියයි.

අදාළ පුද්ගලයා මිය යෑමත් සමඟ ඔහුගේ නිත්‍යානුකූල බිරිය යැයි සඳහන් කරමින් ව්‍යාපාරික ස්ථානයේ අයිතිය ඉල්ලා නාඋල ප්‍රාදේශීය සභාවට ලිපි දෙකක් ලැබී ඇති බව ඉකුත් 8වැනිදා පැවැති ප්‍රා.සභා රැස්වීමේ දී සභාපති සනත් දසනායක මහතා කියා සිටියේය.

එක් ලිපියක් යොමුකර ඇති පාර්ශවයක් සභාවට පැමිණ සඳහන් කර ඇත්තේ පැමිණ ඇති ලිපි දෙකට අමතරව, තවත් කාන්තාවන් දෙදෙනකු ඉදිරියේ දී ව්‍යාපාරික ස්ථානයේ අයිතිය ඉල්ලා ලිපි යොමු කිරීමට නියමිත බවයි.ඒ අනුව මෙම ව්‍යාපාරික ස්ථානයට විවාහක කාන්තාවන් සිව් දෙනෙකු අයිතිය ඉල්ලීමට නියමිත බවත් මේ වන විට දෙදෙනෙකු අයිතිය ඉල්ලා ඇති බවත් සඳහන් කළ සභාපතිවරයා කියා සිටියේ මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම නාඋල ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේ දී අනාවරණය වෙද්දි පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ට ගැටලුවක් වූයේ ජීවත්ව සිටිය දී නිත්‍යානුකූල විවාහ හතරක් සිදුකළේ කෙසේ ද යන්න පිළිබදවයි.

More from GossipMore posts in Gossip »