Press "Enter" to skip to content

රිජ්වේ ළමා රෝහලේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහලට

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන පුද්ගලයින්ගෙන් දිනකට කොරෝනා ආසාදිතයින් 6 ත් 8 ත් අතර සංඛ්‍යාවක් හඳුනා ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසයි.

මෙලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා පුද්ගලයින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා සියලු දෙනා ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කෙරේ.

ප්‍රතිකාර සඳහා පැමිණි දින 20ක බිළිඳෙකු පසුගිය දා රිජ්වේ ආර්යා රෝහලේදී මියගොස් තිබුණු අතර එම බිළිඳාට කොරෝනා ආසාදනය වී ඇති බවට පසුව තහවුරු වී තිබිණි.
mawbima.lk

More from GossipMore posts in Gossip »