නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
PCR පරීක්ෂණයෙන් සිසුවිය ආසාදිත බවට තහවුරු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඇය පැනිදෙණිය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත.
නාවලපිටිය නගරයේ වෙළෙඳසැළක සේවය කළ ආසාදිත පුද්ගලයෙකුගේ දියණියට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
පාසල් සිසුවියට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඇයගේ පාසලේ ගුරුවරු 4ක් හා සිසුවියන් 16 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇත.
එම පාසල විෂබීජහරණයට ලක්කිරීමට කටයුතු කළ බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසීය.






