රුහුණු විශ්වවිද්‍යාලයේ, කරාපිටියේ වෛද්‍ය පීඨයේ මේ වන විට නේවාසිකාගාර වල සිටින සිසුන් 600 අධික පිරිසක් කොරෝනා වසංගත බියෙන් පසුවන බව වාර්තා වේ.
මීට දින කීපයකට ඉහතදී මෙම නේවාසිකාගාර වල සිටි සිසු සිසුවියන් හත් දෙනෙක් කොරෝනාවෛරසය ආසාදිත වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇත.
එම ආසාදිත සිසුන් හත් දෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයන් එම නේවාසිකාගාරවල ම නිරෝධාන ලක් කර තිබෙන අතර ඔවුන් වෙන් කර නොතබා අතර අනෙකුත් සිසු සිසුවියන් ද ඔවුන් සමග ම එම නේවාසිකාගාර වල තබා තිබීම හේතුවෙන් දැඩි සෞඛ්‍යමය තර්ජනයක් ඇති වී ඇතැයි එම සිසුන් පවසති.
මෙවැනි සෞඛ්‍ය තර්ජනයක් පවතිද්දී පාලනාධිකාරිය විසින් විභාග තැබීමට සූදානම් වුව ද පෝද්දල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මැදිහත්ව එම විභාග සියල්ල නවතා දැමීමට කටයුතු කර ඇත.
මෙම අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් වෛද්‍ය පීඨයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරන අතර ඒ හේතුවෙන් සිසුන් වෙනුවෙන් සූදානම් කර තිබූ විභාග කල් දැමීමට පාලනාධිකාරියට සිදුවිය.
මේ හේතුවෙන්, තමන්ට නිවසේ ආකාර වලට කොටුවී කිසිදු අරමුණකින් තොරව දැඩි අවදානම් තත්ත්වයක් තුළ කාලයේදී විට සිදු වී ඇතැයි සිසුහු චෝදනා කරති.
අනාරක්ෂිත අයුරින් නේවාසිකාගාර වල කොටුකර නොතබා තමන්ව දින 14 ක කාලයකට නිරෝධායනයට ලක්කර පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකරන ලෙස අසරණව සිටින සිසුහු පාලන අධිකාරීයෙන් ඉල්ලා සිටිති.
කරාපිටිය වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරවල සිටි සිසුන් හත් දෙනකුට පමණ කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට එම වෛද්‍ය පීඨයේ සෞඛ්‍යාරක්‍ෂාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි එහි පීඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි මහතා පැවැසීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත දේවසිරි මහතා මෙසේ කීය.
“ඇත්තට ම මේ වනවිට හොස්ටල්වල ඉන්නේ දරුවන් 420ක් පමණ පිරිසක්. මේ වනවිට අපි එම ළමයින්ගේ පළමු පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කළා. කිසිදු දරුවෙකු පොසිටිව් වී නැහැ. නැවත අපි පී.සී.ආර්. පරීක්‍ෂණ ලබන 16 හෝ 17 වන දින සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට වෛද්‍ය පීඨය තුළ කොවිඩ් අවදානමක් නැහැ.”
“කොරෝනා ආසාදිත සිසුන් සමග සිටි සිසු පිරිසක් අප මේ වනවිට වෙන් කරලා තමයි තිබෙන්නේ. ඒ නිසා තවම අවදානම් සහගත තත්ත්වයක් ඇතිවී නැහැ.
ඒ වගේම ඉගෙනුම් කටයුතු කොටස් දෙකකට සිසුන් වෙන් කරමින් සෞඛ්‍යාරක්‍ෂිතව මේ වනවිට පවත්වාගෙන යනවා
සිසුන්ගේ සෞඛ්‍යාරක්‍ෂාව වෙනුවෙන් අපි උපරිම ක්‍රියාමාර්ග මේ වනවිට අරගෙනයි තිබෙන්නේ,” යැයිද හෙතෙම කීය.






