Press "Enter" to skip to content

නගර සිමාව තුල බුලත් කෙළ ගැහුවොත් නීතිමය ක්‍රියාමාර්ග

පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මින් ඉදිරියට කුරුණෑගල නගරය තුළ බුලත් විට සපා කෙළ ගසමින් නගරය අපවිත්‍ර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.

අද (10) කුරුණෑගල මහ නගර සභාවේ පැවති මාධ්‍ය හමුවකදී නගරාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. නගරය අපවිත්‍ර වන සහ විෂබීජ පතුරවන ආකාරයට බුලත් විට සපා කෙළ ගසන සහ කෙළ ගසන පුද්ගලයන්ට එරෙහිව අද දින සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නගර සභා පනත යටතේ බලතල තිබෙන බවද නගරාධිපති විතාරණ මහතා පෙන්වා දුන්නේය.

එම පනතට අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙවැනි වැරැදි කරන පුද්ගලයන්ට එරෙහිව රුපියල් විසිදහසක් දක්වා වන දඩ මුදලක්ද නියම කිරීමට අධිකරණයට හැකියාව ඇති බවද තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.

More from GossipMore posts in Gossip »