Press "Enter" to skip to content

පිළියන්දල ඇඟළුම් කම්හලක් වසා දමයි

පිළියන්දල නගර ආසන්නයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට අද පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඒ පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පල භූමියේ ඉකුත් 07 දා පැවති පී.සී.ආර් පරීක්ෂණයට අහඹු ලෙස තෝරා ගත් කාන්තාවකට කොරොනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමගය.

ඒ අනුව පොල්ගස්ඕවිට , කුඩමාදූව,උඩුවපිටිය වත්ත පාරේ ඇය පදිංචි නිවස ඇතුළු නිවාස තුනක් හා එහි පදිංචිකරුවන් දහතුන් දෙනෙකු ද, ඇය සේවය කළ ඇඟළුම් කම්හලේ සේවිකාවන් දාහත් දෙනෙකු ඇතුළු 30 දෙනෙකු ද ස්වයං නිරෝධනයට ලක් කිරීමට පියවර ගත් බව පැවසේ .

එසේම ඇය සේවය කළ පිළියන්දල නගර ආසන්නයේ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවද පැවසේ.

මෙම කාන්තාව ඉකුත් 7දා පිලියන්දල ප්‍රධාන බස් නැවතුම්පළ භූමියේ පැවැති පි.සී.ආර් පරීක්ෂණයට අහඹු ලෙස තෝරා ගත් කාන්තාවකි.

ඒ අනුව ඇයට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි අනාවරණය වී නොමැති අතර ආසාදිතයාගේ ආශ්‍රිතයින් එළැඹෙන 12 දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

මේ පිළිබඳව පිලියන්දල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා හා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ යන මහත්වරුන්ගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවූහ .

More from GossipMore posts in Gossip »