Press "Enter" to skip to content

ප්‍රධාන පෙළේ දේශපාලඥයකු නිරෝධායනයට යොමු කෙරේ

ප්‍රධාන පෙලේ දේශපාලඥයෙකු ෙම් වන විට ස්වයන් නිරෝධායනයට ලක් කර ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතුව වන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සමග උදෑසන ආහාරයට එක් වී තිබීමයි.

මෙම ප්‍රධාන පෙළේ දේශපාලඥයාට අමතරව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු ද එම උදේ ආහාරයට සහභාගි වී ඇත.

පසුගිය 28 වැනිදා හම්බන්තොට ප්‍රදේශයේ දී පැවැති වැඩමුළුවකට ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සහභාගී ඇති අතර ඔහු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇත්තේ ඊට පසු දිනයි.

ඒ සමගම එම වැඩමුළුවට සහභාගි වූ රජයේ සේවකන් විශාල පිරිසක්ද නිරෝධායන යොමු කර ඇත.
c news

More from GossipMore posts in Gossip »