Press "Enter" to skip to content

‘හම්බන්තොටින් කොරෝනා රෝගීන් 46ක් වාර්තාවී ඇතැයි පැතිර යන පුවත අසත්‍යක්’

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළින් කොරෝනා රෝගීන් 46ක් වාර්තාවන බවට පැතිරයන පුවත සම්පුර්ණයෙන් ම අසත්‍ය බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ඒ.ටී.එම්.ඩී. පටබැදිගේ මහත්මිය පවසයි.

මේ ආකාරයෙන් කොරෝනා රෝගීන් 46 දෙනෙකු වාර්තාවී ඇත්තේ, වීරවිල එළිමහන් සිර කඳවුරෙන් බවත් එම සිරකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාරවලින් නිරෝධායනය සඳහා ගෙන එන ලැබූ පිරිස් බවත් වෛද්‍ය පටබැදිගේ මහත්මිය පැවසුවා ය.

පසුගිය දිනයන්හිදී වීරවිල එළිමහන් සිරකඳවුරේ සිටින රැදවියන්ගෙන් අහඹු ලෙස තෝරාගත් 94 දෙනෙකු PCR පරීක්ෂණ සදහා යොමුකර තිබෙන අතර ඉන් මෙම රෝගීන් 46 දෙනා වාර්තාවී තිබේ.

එමෙන් ම, ඉදිරියේදී ද එම සිරකඳවුරේ රැදවියන්ගෙන් මේ ආකාරයෙන් අහඹු PCR පරික්ෂණ සිදුකරන බව ද හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ඒ.ටී.එම්.ඩී. පටබැදිගේ මහත්මිය පවසයි.

More from GossipMore posts in Gossip »