Press "Enter" to skip to content

වත්තලින් කොවිඩ් ආසාදිතයන් 53ක්

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 53 දෙනෙකු අද(09) දින වාර්තා වී ඇත.

මෙම ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලා වෙත කොළඹ සහ අනෙකුත් තදාසන්න ප්‍රදේශ වල සිට විවිධ අවශ්‍යතා සදහා විවිධ පුද්ගලයන් පැමිණීම නිසා මෙලෙස ආසාදිතයින් වැඩි වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.

අද සවස 4.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 129 දෙනෙකු හමු වී ඇත.

ඔවුන් අතරින් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 53 දෙනෙකු ද අත්තනගල්ල කොට්ඨාසයෙන් 19 දෙනෙකු ද කැළණිය කොට්ඨාසයෙන් 15 දෙනෙකු ද මීරිගම කොට්ඨාසයෙන් 11 දෙනෙකු ද බියගම කොට්ඨාසයෙන් 10 දෙනෙකු ද වාර්තා වී ඇත.

More from GossipMore posts in Gossip »