කුඩාඔය පොලිස් වසමේ, තෙලුල්ල ජනපදය, 39 කණුව ප්රදේශයේදී 11 හැවිරිදි පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අතවරයට ලක් කළ 33 හැවිරිදි පුද්ගලයෙකු කුඩාඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු, දරුවාගේ බාප්පා සහ දරුවා යන තිදෙනා හේන් යායක දර පැටවීමට ගොස් ඇති අතර නැවත සැකකරු සමග දරුවා නිවසට පැමිණෙන අතරමගදී දරුවා අපයෝජනය කර ඇත
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්රදේශයේ ම පදිංචි පුද්ගලයෙකු වන අතර අද (9) වැල්ලවාය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කුඩාඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.






