බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට යටත්ව ක්‍රියාත්මක පිළියන්දල පෞද්ගලික බස් නැවතුම්පළේ වේලා සටහන්කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
මීට දින කිහිපයකට ඉහත දී එම බස් නැවතුම්පොළේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකදී ඒ බව තහවුරු වී තිබේ.
ඒ හේතුවෙන්, ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන වේලා සටහන්කරුවන්, රියැදුරන් හා කොන්දොස්තරවරුන් සියයකට අධික ප්රමාණයකගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (8) සිදු කළ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
තව ද එම බස් නැවතුම්පළ විෂබීජහරණයට ලක් කිරීමට ද කටයුතු කර තිබේ.






