Press "Enter" to skip to content

සහතිකයක් ලබා ගන්න පාසලට ආව තරුණයට කොවිඩ් – විදුහල්පති ඇතුළු 13ක් නිරෝධායනයට

කොරෝනා ආසාදිත තරුණයකු අධ්‍යාපන සහතිකයක් ලබා ගැනීමට පැමිණීම හේතුවෙන් ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු 13දෙනකු නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුව සමග සහකාර විදුහල්පතිවරයා පාසල පවත්වාගෙන යාමට කටයුතු කර ඇතත් අනෙකුත් ගුරුවරුන්ගේ හා ළමුන්ගේ පැමිණීම විශාල ලෙස පහත වැටී ඇති බව පාසලේ ගුරුවරු පවසති.

ගම්පොළ ජිනරාජ බාලිකා මහා විද්‍යාලයද මේ වනවිට වසා ඇත. මේ හේතුව නිසා ප්‍රදේශයේ ගුරුවරු ඉල්ලා සිටින්නේ දරුවන්ගේ හා ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේද ආරක්ෂාව සඳහා දින කිහිපයකට හෝ ගම්පොළ නගරය ආශ්‍රිත පාසල් වසා දැමීමට සුදුසු බවයි.

More from GossipMore posts in Gossip »