Press "Enter" to skip to content

ඇහැළියගොඩ කුරුවිට දැඩි අවදානම් තත්ත්වයක්

රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් හමුවන කෝවිඞ් ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් ඇහැළියගොඩ සහ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අද පැවසුවාය.

ඊයේ වනවිට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් හමුව ඇති ආසාදිතයන් ගණන 418කි. පෙර දිනට වඩා 21කගේ වැඩිවීමකි. රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් මෙතෙක් හමුව ඇති ආසාදිතයන්ගෙන් සුවය ලබා ඇත්තේ 139ක් පමණක් බවද කී දිස්ත‍්‍රික් ලේකම්වරිය 279දෙනෙක් තවමත් ප‍්‍ර‍්‍රතිකාර ගන්නා බවද පවසයි.

ඇහැළියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 188ක දැනට වැඩිම ආසාදිතයන් ප‍්‍රමාණයක හමුව ඇති අතර 155දෙනෙක් තවමත් ප‍්‍රතිකාර ලබයි. සුවවි ඇති සංඛ්‍යාව 29කි.

කුරුවිට කොට්ඨාසයෙන් වාර්තාවී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 103කි. ඒ බන්‍ධනාගාරයෙන් හමුවූ 31ද ඇතුලූවය. සුවය ලබා ඇත්තේ 17ක් වන අතර තවමත් ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 86කි. මෙය දින දෙකකදී ආසාදිතයන් 12කගේ වැඩිවීමකි.

රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් එක් ආසාදිතයෙක් පමණක් වාර්තා වී ඇති අතර ප‍්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 20කි. මේ වනවට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවී ඇති මුලූ ආසාදිතයන් ගණන 36කි.

More from GossipMore posts in Gossip »