Press "Enter" to skip to content

දෙහිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පස්දෙනෙකුට කොරෝනා

දෙහිවල කව්ඩාන ප්‍රදේශයේ ඇගලුම් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක සේවිකාවන් පස්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ සදහන් කළේ එම කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දසදෙනෙකු අහඹු ලෙස තෝරා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇති බවයි.

ඒ අනුව එම ආසාදිතයින් සියලුදෙනා 1990 සුවසැරිය රථ මගින් ප්‍රතිකාර සදහා රෝහල් වෙත යොමු කර ඇත.

ඔවුන් පදිංචි පොකුණපාර හා පල්ලියදොර ප්‍රදේශයේ නිවාසවල පුද්ගලයින් ඇතුලු ආශ්‍රිතයින් සියලු දෙනා නිරෝධායනයට දින 14 ක් සදහා යොමුකිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම අදාළ කර්මාන්ත ශාලාවද තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

More from GossipMore posts in Gossip »