Press "Enter" to skip to content

තිහාරියේ ප්‍රදේශවාසීහු පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරයි

තිහාරිය ප්‍රදේශයේ ජීවත් වන ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන තත්වයක් උදා වී ඇති බවත්, මෙම තත්වය අටලුගම ප්‍රදේශයේ උද්ගත වූ තත්වයට සමාන බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

මේ නිසා මෙම ප්‍රදේශය හුදෙකලා කිරීමට සිදු විය හැකි බවත්, මේ පිළිබඳව ප්‍රදේශයේ ආරක්ෂක අංශ සමග හෙට (08) දින සාකච්ඡා කර පියවරක් ගන්නා බවත් ඈපා මහතා වැඩිදුරටත් පැවසීය.

මේ තත්වය නිසා අද (07) දින අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 29 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඈපා මහතා සදහන් කළේය.

More from GossipMore posts in Gossip »