Press "Enter" to skip to content

ගම්පොළ රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා

ගම්පොළ රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා ආසාදනය වීම සමග ඔහුගේ ස්ථාන මාරුව වෙනුවෙන් පැවැත් වූ සාදයකට එක් වූ පිරිස ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

මේ හේතුවෙන් එම රෝහලේ බාහිර හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුළු වාට්ටු දෙකක් ද වසා දමා තිබේ.

මෙම වෛද්‍යවරයා ඇසුරු කළ ආශ්‍රිතයන් සොයා සෞඛ්‍ය අංශ ඊයේ (07 වැනිදා) පරීක්ෂණයක් අරඹා ඇත.

රෝහල් අධ්‍යක්ෂ චමිල් විජේකෝන් පවසන්නේ ආරක්ෂිත පියවර රැසක් මේ වන විට ගෙන ඇති බවයි. ඒ යටතේ රෝහලේ සිටි ගැබිනි මව්වරුන් වහාම පේරාදෙණිය රෝහලට හා මහනුවර ජාතික රෝහලට මාරු කර ඇත.

රෝගය වැලඳුණු වෛද්‍යවරයාගේ බිරිඳද වෛද්‍යවරියක වන අතර කරාපිටිය රෝහලේ සේවය කරන ඇයට කොවිඩ් වැලඳී ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »