Press "Enter" to skip to content

මිනියක් බදාගෙන හඬපු දෙන්නෙක්ට කොවිඩ් බෝවෙයි

කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේ 55 හැවිරිදි පුද්ගලයකු සිය නිවසේම මියගොස් සිටි අතර පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී ඇත.

එම මෘතදේහය බදාගෙන හඬා වැලපුණ පවුලේ දෙදෙනකුටද කොරෝනා වැලඳී ඇති අතර මරණ ගෙදරට පැමිණි තවත් 3 දෙනකුටද කොරෝනා වැලඳී ඇති බව තහවුරු විය.

මරණ ගෙදරට සහභාගි වූ සියලු දෙනාම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

More from GossipMore posts in Gossip »