හුදෙකලා කරන ලද බණ්ඩාරගම, අටළුගම, බමුණුමුල්ල නිවසකදී සහෝදරිය සිය වැඩිමහල් සහෝදරයාට ඊයේ (6දා) තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 31ක විවාහක පුද්ගලයෙකි. දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතා පරීක්ෂණ පවත්වයි.






